Home කාල යාත්‍රි

කාල යාත්‍රි

කතාවක්….
මීට වසර නවයකට පෙර එක නිමේශයක් සහ නිදි නැති රාත්‍රී තුනකට පසුව මා අවරුදු විසිනවයක් ගතකල ජීවිතය අවසන්ව යලි උපන්නා මෙන් සෑම දෙයක්ම වෙනස් අයුරින් දැනෙන්නට ගත්තේය. එතෙක් කලුසුදු ලෙස දකින ලද ලොව ප්‍රථම වතාවට ඉතාමත් වර්ණවත් බව පෙනෙන්නට ගත්තේ මාගේ තෙත්වූ දිගු හිසකෙස් වලට හිරු එලිය වැටෙන විට හිරු එළියේ වර්ණාවලිය දිස් වූ මොහොතෙයි. එතැන්සිට සාමාන්‍ය ජීවිතය අමතක කර මේ හමුවුණු අලුත් ජීවිතය ගැන විමර්ශනය කරන්නට පටන්ගත්තේය.

ඉන්පසු විවිධ අත්දැකීම් අතරින් ගමන් කරන්නට සිදුවනේ මේලෙස. ගුරුවරු හමුවූවා. හොද අය ඒවගේම මා යන ගමනට නොගැලපෙන අය. හරි මාර්ගයන් ඒවගේම වැරදි මාර්ගයන්, අතරමං වීම්, මුලා වීම්., හොද උපදෙස් මුලාවන උපදෙස්. ඒ තුල විවිධ ශාස්ත්‍රයන් හමුවූවා, කවදාවත් හදාරන්නට නොහිතු දේවල් හමුවුනා. ගුරුවරුන්ට සේවය කිරීම්, ඒ තුල වෙහෙසට පත්වෙම්, අපහසුතාවයට පත්වීම් ද ඇතිවුවා. මට බොහොම නිදහසක් දැනුනේ ස්වයං අධ්‍යනය තුල ගමන් කිරීම, අවශ්‍ය වූ දේ තනිව සොයාගැනීම. දවසේ අවදිව සිටින හැම අවස්ථාවකම මෙය සිදුවුවා. මා පෙර ජීවිතයේ ඉගනගත් කොම්පුටර් තාක්ෂණය හා අනෙකුත් දේ දැඩි අපහසු දෙයක් ලෙස දැනුනා. ඒ සම්බන්ද රැකි රක්ෂා කිරීම, තද ඇදුම්, බෙල්ට් සපත්තු දැමීම බොහොම අපහසු වූවා.

ඒ අවස්ථාවේ මා සොයන දේ සොයායාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට නොහැකි වුවත් කාලයක් ඇසුරු කල කොම්පුටරයම මේ ගවේශයන්ට බාවිතා කර ඉදිරියට යාමට හැකිවුණා. ලොව වටා යූ ටියුබ් චැනල් දහසකට වඩා පර්ශීලනය කර අවශ්‍ය වූ සියලු දේ අවබෝධ කරගැනීමට මග සැලසුණා.
කලින් කලට මට සුදුසු අත්දැකීම තුලින්, සුදුසු පුද්ගලයින්, ගුරුවරුන් හරහා මා යායුතු තැනට මේ විශ්වය ගෙන යන බව මට පෙනෙන්නට ගත්තා. සියලු සබදතා සුදුසු වෙලාවට ඇරබෙන හැටිත් අවසන්වෙන හැටිත් අත්වින්දා. අල්ලන්නට හදන දේවල් ඇත්වෙන්නටත් උත්තරීතර දේ ලංවෙන්නටත් ගත්තා. මාගේ ගමනාන්තය මේ විශ්වයේ ලියවී අවසන් බවත් මාගේ කිසිදු කලබලයක්, තීරණයක්, බුද්ධිමත්කමක්, පණ්ඩිතකමක් මේ සොබාදහමට වැදගත් නැතිබව අවබෝද වූවා. ආයාසයක් දරමින්, සැලසුම් කරමින්, අරමුණු ගොඩනගමින් මාහට කල හැකි එකම දේ වන්නේ නැති විදවීමක් ඇතිකරගැනීම පමණි.
මාගේ මේ වෙනස්කම් කාලයාත්‍රී චැනලයේ මුල සිට නැරබු අයට බොහොම හොදට පෙනෙන්නට ඇත. මා තුල ඇති කිසිම සුවිශේෂිකමක්, සුදුසුකමක් හෝ වටිනාකමක් නොමැත. නමුත් මෙපමනකල් කිසිවෙක්ට නොතේරෙන බාසාවක් වූ මාගේ කතාව අවබෝද කරගත් ඔබ ඉතා සුවිශේෂීයි.
මොකද ඔබ එය අසන්නේ සංසාරයේ ප්‍රථම වතාවට නොවෙයි.

තවත් කෙනෙක්ට මට සිදුවූ ආකාරයට අන්තර්ජාලය පීරීමට හෝ මාර්ගෝපදේශනය සොයා රස්තියාදු වීම අවම කරන්නට මගේ වීඩියෝ හා වෙබ් අඩවියේ ප්‍රායෝගික වැඩසටහන් වැදගත් වුනානම් එය ඉතා සුවිශේෂියි.

මේ වෙබ් අඩවියේ සියලු වැඩසටහන් නිර්මාණය වූයේ මේ ගමනේ මා සිරවී සිටි තැන් නිරාකරණය කරගන යන අවස්ථාවන් වලදීයි. සමහර වැඩසටහන් පටිගත කර ඇත්තේ අලුයම තුනට පමණ. ඒ ඒ අවදීන් තුල ගොඩනැගුනු ශබ්ද තරංගයන් ඒ මොහොතේ මිස නැවත කිසිදා මට නැවත පටිගත කර නොහැකිවේ. ඒ හඩ තුල ඇති නිදිමත ගතිද ඔබට දැනෙන්නට ඇත. සමහර කොටස් තුල වෙහෙසක්ද වේදනාවක්ද දැනෙන්නටත් ඇත. දැන් අහම්බෙන් මා ඒවාට සවන්දෙන විට මටද ඇදහිය නොහැකි දේ සහ මේ අවස්ථාවේ මට වැදගත් වන දේ ඒ තුල සදහන් වීම ඉතා සුවිශේෂීයි.

ඔබ වැඩසටහන් වලට සම්බන්දවීමෙන් ලබන දායකත්වයෙන් මෙතෙක් දුර අලුත් වෙමින් මේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට ලොකු ශක්තියක් වුවා. ඒ අතරම දුනුවිදු වැනි අලුත් වැඩසටහන් කිරීමට අවශ්‍ය කාලය, තාක්ෂනය සහ පහසුකම් සපයාගැනීමට එය වදගත් වුවා. එය ඉතා සුවිශේෂීයි.
ඒ සියලු දෙනාට මේ විශ්වයේ ආශිර්වාදය හැමවිටම ප්‍රාර්ථනා කරනවා.

අවසානයේ මතක් කල යුතු දේ නම් මේ ගමනේ හැමවිටම බුදුරජානන්වහන්සේට ඇති ගෞරවය කිසිදා අමතක නොකරන්න. මේ ගමනේ හැම ගැටළුවක්ම විසදාගන්නට එයම ප්‍රමාණවත්….


“මා තුල ඇති කිසිම සුවිශේෂිකමක්, සුදුසුකමක් හෝ වටිනාකමක් නොමැත. නමුත් මෙපමනකල් කිසිවෙක්ට නොතේරෙන බාසාවක් වූ මාගේ කතාව අවබෝද කරගත් ඔබ ඉතා සුවිශේෂීයි”

-කාලයාත්‍

 

 

ධනුෂ්ක බණ්ඩාර

නිර්මාතෘ සහ උපදේශක

kaalayathri@gmail.com